අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Anne Cetas

ඈන් සීටස්

ඈන් සීටස් ඇගේ නව යොවුන් වියේ අග භාගයේදී යේසුස්වහන්සේ අනුගමනය කිරීම අරඹන ලදී. අවුරුදු 19 දී ඇයගේ මිතුරියක විසින් ඇයට "අපගේ දිනපතා භෝජනය˜ පිටපතක් ලබා දෙන්නේ නොකඩවා බයිබලය කියවීමට ඇයට උපකාර කිරීමටය. තවද ඇය ඩිස්කවරි දැණුම පොත් පෙළෙටද දැඩි සේ ඇලුම් කරයි. වසර කීපයකට පසු ඇය අපගේ දිනපතා භෝජනය සංස්කාරක මණ්ඩලයට එකතුවන්නේ සෝදුපත් කියවන්නියක ලෙසය. 2004 සැප්තැම්බර් මස ඈන් අපගේ දිනපතා භෝජනය ලිපි රචනා කිරීම අරඹන ලද අතර ප‍්‍රකාශනයන්හී කළමනාකරණ සංස්කාරක ලෙසද කටයුතු කරයි. ඈන් සහ ඇගේ ස්වාමිපුරුෂයා කාල් ඇවිදීමට හා එකතුව බයිසිකල් පැදීමට ප‍්‍රිය කරන අතර ඔවුන් නගරබද සේවයක උපදේශකයන් ලෙසද ක‍්‍රියා කරයි.

ඈන් සීටස් විසින් රචිත ලිපි

මා වෙතට එන්න

යේසුස්වහන්සේ මෙලොව ජීවත්වන කාලයෙහිදී උන්වහන්සේ තමන් වෙතට එන්නයැයි සෙනඟට ආරාධනා කළසේක. අදද උන්වහන්සේ එසේ කරනසේක (යොහන් 6:35). එහෙත් උන්වහන්සේ සහ පියාණන් සතු එසේම අපට අවශ්‍ය දෙය කුමක්ද?

ගැළවීම - පාපයට සමාව සහ ස්වර්ගයට යෑමේ පොරොන්දුව ලබාගත හැක්කේ යේසුස්වහන්සේගේ මාර්ගයෙන් පමණි. "උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය" (යොහන් 3:16).

අරමුණ - අපගේ සිත, මනස, ආත්මය සහ ශක්තිය යේසුස්වහන්සේ…

නැතිවූ බැටළුවෙකු

සජීවී නත්තල් සංදර්ශනයක් සඳහා ලෝරා එළුවෙකු සහ බැටළුවෙකු ඉල්ලාගෙන තම සභාවට ගෙන යාමට වාහනයට පැටවුවාය. සතුන් දෙදෙනා ටික වේලාවක් එකිනෙකාට ඇණගෙන ඉන්පසු නිශ්චල වූවෝය. ලෝරා සභාවට යාමට පිටත්වූවාය. එහෙත් පළමුවෙන් වාහනයට ඉන්ධන පිරවීමට ඇය රථය නතර කළාය.

ඉන්ධන පුරවන අතර ඇය දුටුවේ එළුවා පිටත සිටින බවය. බැටළුවා නැතිවී තිබිණ. උන් එකිනෙකා සමඟ ඇණ ගන්නවා බලා සිටි නිසා ඇයට එක් අගුලක්…

රුකුලක් වන්න

කෙතරම් අනර්ඝ අවමංගල්‍යයක්ද! අප නික්ම යන විට සින්ඩි පැවසීය. අපගේ මිතුරිය හෙලන් මිය ගියාය. ඇයගේ විනෝදකාමී හැසිරීම ගැන කථා කරමින් මිතුරෝ එකිනෙකා ඇයව සැමරුවෝය. එහෙත් හෙලන්ගේ ජීවිතය විහිළු සහ සිනහ පමණකට සීමා වූවක් නොවේ. ඇයගේ සහෝදරයාගේ පුත‍්‍රයා යේසුස්වහන්සේ කෙරෙහි ඇයගේ ඇදහිල්ල ද ඇය අන් අයට සැලකූ ආකාරය ද විස්තර කළේය. ඔහු යෞවනයෙකු ලෙස අරගලයක යෙදී සිටින අතර ඇය ඔහු තම…